3 වන වරට සංවිධානය කරනු ලබන මෙම තරඟාවලියේ තරඟ වට තුනක් අවසානයේ ක්‍රීඩකයන් තිදෙනෙකු පෙරමුණට පැමිණ තිබේ. ඒ U.M.ජයසුන්දර, C.ළමාහේවා සහ අනුරුද්ධ ගලප්පත්ති යන ක්‍රීඩකයන්ය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු තරඟ වදින මෙම තරඟාවලිය තරඟ වට 8 කින් සමන්විතයි. මේ සඳහා තරඟවැදීමට සුදුසුකම් ලබා සිටි ජාතික ශූර දුලාන් එදිරිසිංහ, IM රොමේෂ් වීරවර්ධන ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රුසක් සහභාගී නෙවීම හේතුවෙන් තරඟාවලියේ උණුසුම මදක් අඩු වී ඇත.
මෙයට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ චෙස් තරඟාවලියේ පෙරමුණ T.D.R.පීරිස් හට හිමිව තිබේ. ඔහු පළමු තරඟ වට තුනම ජයගත් අතර තරඟ වට දෙකක් ජයගත් T.පත්මනාදන් දෙවන ස්ථානයේ රුදී සිටී. සම්පූර්ණ ලකුණු සටහන chess-results.com
පෝන් හතරකට එරෙහිව රුක් අවසානයක් සහිත දෙවන වටයේ ක්‍රීඩාකල පහත තරඟය නරඹන්න.

Play chess online