බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතා 2023 අතිරේක ක්‍රීඩකයින් ලියාපදිංචිය
ලියාපදිංචි වී ඇති දේශීය ක්‍රීඩකයින් අඩු බැවින්, අපි සුදුසුකම් ලත් සීමාවන් පහත දක්වා දීර්ඝ කරමු: 1. 2023 මහනුවර පැවති කනිෂ්ඨ ජාතික චෙස් ශූරතාවලියේ (බාලක හා බාලිකා) ස්ථාන 20 සිට 30 දක්වා. 2. මෙම වසරේ අප්‍රේල් මාසයේ පැවති ජාතික යොවුන් චෙස් ශූරතාවලිය 2023 හි හොඳම ක්‍රීඩකයින් තිදෙනා. (වයස අවුරුදු 12න් ඉහළ වයස් කාණ්ඩ වල) තරඟාවලිය සඳහා සහභාගී වීමට ඔබ කැමති නම්, කරුණාකර අමතර ප්‍රවේශ ගාස්තුව අපගේ පළමු දැන්වීමේ සඳහන් CFSL ගිණුමට බැංකුගත කර 2023 නොවැම්බර් 23 වන දින වන විට බැංකු පත්‍රිකාව සමඟ ඇතුළත් වීමේ පෝරමය අපට එවන්න. බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය 2023 - Rapid සහ Blitz ක්‍රීඩකයින් ලියාපදිංචිය බටහිර ආසියානු කනිෂ්ඨ Rapid සහ Blitz චෙස් ශූරතා 2023 ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයින්ට තවත් විකල්ප ලබා දීමට CFSL තීරණය කර ඇත. 1. ශ්‍රී ලංකා ජාතික Rapid හා Blitz චෙස් ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයින් 25 දෙනා එම ඉසව්වලට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබයි. 2. වයස අවුරුදු 12, 14, 16 සහ 18 න් පහළ ජාතික යොවුන් Rapid හා Blitz චෙස් ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයින් තිදෙනා ද සහභාගී වීමට සුදුසුකම් ලබයි. එක් ඉසව්වක් සඳහා (Blitz හෝ Rapid) අතිරේක ක්‍රීඩක ප්‍රවේශ ගාස්තුව 6,000/= වන අතර ඉසව් දෙකටම රු. 10,000/= (Classical ඉසව්වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අවශ්‍ය නොවේ.) ඔබ කැමති නම් පහත ගිණුමට මුදල් බැංකුගත කර නම, උපන් දිනය, තරඟාවලියේ නම සහ FIDE ID අංකය, [email protected] වෙත 2023 නොවැම්බර් 24 සිකුරාදා වන විට බැංකු පත්‍රිකාව සමඟ එවිය හැක. A/C - ශ්‍රී ලංකා චෙස් සම්මේලනය A/C අංක- 1560248301 බැංකුව - කොමර්ෂල් බැංකුව, නගර කාර්යාලය ලක්ෂ්මන් විජේසූරිය සභාපති - CFSL Advertisementශ්‍රී ලංකා පාසල් තේරීම් චෙස් තරගාවලිය 2023
|
|
Super Knights Chess Challenge 2023
Kingdom of Consciousness Online Blitz Chess Championship 2020Kandy Chess Club inviting you all to play "Kingdom of Consciousness" Blitz Tournament in 10th April 2020 at 9.00 P.M. to 11.00 P.M. in lichess.org. Time control is 5 Min + 20 sec.
Link : https://lichess.org/tournament/FpODV6V8 Password : lobster |