චෙස් උපායමාර්ගයන්හි මූලිකාංග
f2/f7 කොටුවේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීම. (පළවෙනි කෙටස)
i. දුර්වල පෝන් ඉත්තන් සහ දුර්වල කොටු
චෙස් පුවරුව සහ ඉත්තන් සකසන්න. දැන් ඉත්තන් ඇදීමට පෙර ඉත්තන්ගේ මූලික සැකැස්ම දෙස අවධානයෙන් බලන්න. පෝන් ඉත්තන් ඔවුන්ගේ පිටුපස සිටින වෙනත් ඉත්තන්ගෙන් ආරක්ෂා වී ඇති ආකාරය මෙන්ම, සමහර පෝන් ඉත්තන් හට අනිත් පෝන් ඉත්තන්ට වඩා වැඩි ආරක්ෂාවක් හිමිව ඇති බව ඔබට පෙනේවි.
a2 කොටුවේ සිටින පෝන් දෙස බලන්න, එහි ආරක්ෂාවන් මෙනවාද? දැන් d7 පෝන් දෙස බලන්න. එම පෝන්හට a2 පෝන්ට වඩා ආරක්ෂාවක් තිබේද? කළු ඉත්තන් දෙදෙනෙකු එක්ව a2 පෝන්ට ප්‍රහරයක් (Attack) එල්ල කිරීමට හැකි නම් එම පෝන් ඉත්තා කපා ගැනීමට කළු පිලට හැකියාව ලැබේ. එයට හේතුව එම පෝන්ගේ ආරක්ෂාවට සිටින්නේ a1 කොටුවේ සිටින රුක් පමණක් වීමය. එහෙත් d7 පෝන්ට පහර දීමට සුදු පිලට අවශ්‍ය වුව හොත් ඒ සඳහා වැඩි ඉත්තන් ප්‍රමාණයක් යොදා ගැනීම අනිවාර්ය වේ. ඒ එම පෝන් නයිට්, බිෂොප්, කුවින් සහ කිං යන ඉත්තන්ගෙන් ආරක්ෂා වී ඇති බැවිනි. බලන්න, ඉත්තන් හතර දෙනෙක් මඟින් දැඩි ආරාක්ෂාවක් d2, e2, d7 සහ e7 යන එක් එක් පෝන් ඉත්තන් හට ලැබී ඇත.
ආරම්භක පිහිටුමේදී දුර්වලම පෝන් ඉත්තා කවුද? පෝන් ඉත්තන් කිහිප දෙනෙකුගේම ආරක්ෂාවට සිටින්නේ වෙනත් එක් ඉත්තෙකු පමණි. නමුත් මෙම පෝන් ඉත්තන් ආරක්ෂා කර සිටින ඉත්තන්ගේ වටිනාකම් අතර වෙනස්කම් පවතී. කළු පිලේ නයිට් සහ බිෂොප් එකතුව a2 පෝන්ට පහර දුන්නොත් පෝන් ඉත්තා දිනා ගැනීමට ඔහුට හැකිය. ප්‍රතිවාදි රුක් නැවත කපා දැමුව හොත් සුළු ඉත්තෙකු වෙනුවට රුක්ව දිනා ගැනීමට කළු පිලට හැකිවේ.
දැන් බලමු, සුදු ඉත්තන් දෙදෙනෙකු එකතුව f7 පෝන්ට පහර දුනහොත් කුමක් සිදු වේද? එක් ඉත්තෙකු පෝන්ව කැපුවොත් අනිත් ඉත්තා එම ප්‍රහාරකයාව ආරක්ෂා කරයි. කිංට එම ආරක්ෂා වුනු ඉත්තා කපා දැමීමට නොහැක. මක්නිසාද යත් කිංට ප්‍රතිවාදී ඉත්තෙකුගෙන් ආරක්ෂා වුනු (චෙක් වී ඇති) කොටුවකට යා නොහැකි බැවිනි.
f2 සහ f7 යන පෝන්වරු කිංගෙන් පමණක් ආරක්ෂා වී ඇති බැවින් ඔවුන් ආරම්භක පිහිටුමේ සිටින දුර්වලම පෝන්වරු ලෙස සැලකේ. (01 වන රූපසටහන බලන්න) මෙම පෝන් කෙනෙකු ඉදිරියට ගෙන ගියහොත් ඔහු සිටි ආරම්භක කොටුව, වෙනත් ඉත්තෙක් එම කොටුවේ ආරක්ෂාව සඳහා ගෙන එන තෙක් දුර්වල වේ.

Advertisement
ii. දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීම
චෙස් ක්‍රීඩාවට ආධුනික ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඉගෙන ගැනීමට හැකි වේවි, සූදානම් නොවූ ප්‍රතිවාදියෙකු චෙක්මේට් කිරීමකට හසුකර ගන්නේ කෙසේද? යන්න. උදාහරණයක් ලෙස පහත තරඟය වෙත අවදානය යොමු කරන්න. සෑම ළමා තරඟාවලියකදීම මේ ආකාරයේ, මේ හා සමාන තරඟ ක්‍රීඩා කරනු දැකීමට හැක.
1. e4 e5
2. Bc4 Nc6
3. Qh5 d6
4. Qxf7 # (02 වන රූපසටහන බලන්න)
බලන්න f7 කොටුවේ දුර්වලතාවය ප්‍රයෝජනයට ගෙන චෙක්මේට් කරන ආකාරය. මෙම ක්‍රමය ‘ශිෂ්‍යයන්ගේ මේට් වීම’ (Scholar’s Mate) ලෙස හදුන්වයි. (මෙම ක්‍රමය ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩකයින් අතර ජනප්‍රියව ඇත්තේ 'Four Moves Mate' නමිනි.) මේ ආකාරයට තරඟය ජයග්‍රහණය කිරීම ආශ්වාදජනකය. නමුත් හොඳින් සූදානම් වූ ප්‍රතිවාදියෙකු සඳහා එය ඵල රහිත වේ. මක්නිසාද යත් මේ චෙක්මේට් ක්‍රමය පහසුවෙන්ම වලක්වා ගත හැකි ක්‍රමයක් බැවිනි.
පළවෙනි කොටස නිමි!
දෙවන කොටසට මෙතනින් යන්න...
(මෙය Wulebgr ගේ Elements of Chess Strategy: Exploiting the Weak f2/f7 Square ලෙස අන්තර්ජාලයේ පලවූ ලිපියෙහි සිංහල අනුවාදය යි. එම ඉංග්‍රීසි ලිපිය මෙතනින් බාගත කරගන්න. මුල් රචකයාගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. )